තාවකාලික රියැදුරු බලපත් නිකුත් කර තිබෙන සියලු දෙනාට සැප්තැම්බර් හෝ ඔක්තෝබර් මස වන විට ස්ථිර රියැදුරු බලපත් ලබා දීමට කටයුතු කරන බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් අනුරුද්ධ වීරසිංහ මහතා සඳහන් කළේ ය.
2020 වසරේදී ඇති වූ ආර්ථික ගැටලුවත් සමග රියැදුරු බලපත් කාඩ්පත් මුද්‍රණයට අවශ්‍ය කාඩ් ගෙන්වීමේ ගැටලුවකට මුහුණ දීමට සිදුවූ බැවින් මෙම ප්රශ්නය ඇති වූ බව ත් මේ නිසා ලක්ෂ 8කට ආසන්න ප්‍රමාණයකට රියැදුරු බලපත් කාඩ්පත් නිකුත් කිරීම වෙනුවට තාවකාලික මුද්‍රිත පත්‍රිකාවක් දීමට සිදුවූ බව ත් ඔහු පැවසීය.
මේ වන විට අවශ්‍ය කාඩ් ආනයනය කර ඇති බව ත් සාමාන්‍යයෙන් අලුතෙන් රියැදුරු බලපත්‍ර හා අලුත් කිරීම් සඳහා වසරකට රියැදුරු බලපත් ලක්ෂ 9ක්, 10ක් මුද්‍රණය කළයුතු බව ත් මේ ප්‍රමාණයට නිකුත් කිරීමට නොහැකිව ගොඩගැසී තිබූ රියැදුරු බලපත්‍ර ප්‍රමාණය සමග මුද්‍රණ කටයුතුවල ප්‍රමාදයක් වූ බව ත් හෙතෙම කීය.
ජනමාධ්‍ය අමාත්‍යංශයේ ශ්‍රවණාගාරයේදී ඊයේ (ජූලි 24) පැවති මාධ්‍ය හමුවේදී මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් අනුරුද්ධ වීරසිංහ මහතා මේ බව සඳහන් කළේ ය.