Local News

මහනුවර ප්‍රදේශ කිහිපයකට පැය 36ක ජල කප්පාදුවක්

මහනුවර ප්‍රදේශ කිහිපයකට පැය 36ක ජල කප්පාදුවක්

අද (28) පස්වරු 2 සිට සිකුරාදා (30) අලුයම 2 දක්වා මහනුවර ප්‍රදේශ කිහිපයකට පැය 36ක් ජල සැපයුම අත්හිටුවීමට පියවර ගෙන ඇති බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කළා.

මෙසේ ජල සැපයුම අත්හිටුවා ඇත්තේ, මහනුවර ගුඩ්ෂෙඩ් බස් නැවතුම්පොළ ඉදි කිරීමේදී සිදුවූ ජල නල පද්ධතියේ බිඳවැටීමක් හේතුවෙනුයි.
ඒ අනුව පේරාදෙණිය පාර, විලියම් ගොපල්ලව මාවත, උසාවී සංකිර්නය අසල සිට නගර සභා හන්දිය දක්වාත්, අස්ගිරිය, වැව රවුම, රජ පිහිල්ල මාවත, බූවැලිකඩ, තැන්නකුඹුර, ගුරුදෙනිය, අම්පිටිය සහ මහනුවර නගර මධ්‍යයේ සියලුම වීථි ආශ්‍රිත ප්‍රදේශයට එලෙස ජල සැපයුම අත්හිටවනු ඇති.

Related Articles

Back to top button