Local News

දන්සැල් සඳහා පොදු උපදෙස් මාලාවක්

දන්සැල් සඳහා පොදු උපදෙස් මාලාවක්

එළඹෙන වෙසක් උත්සවය වෙනුවෙන් පවත්වනු ලබන දන්සැල් සඳහා පොදු උපදෙස් මාලාවක් නිකුත් කර තිබේ.

මහජන සෞඛ්‍ය පාරීක්ෂක කාර්යාලය විසින් එම පොදු උපදෙස් මාලාව නිකුත් කර ඇත.

දන්සල් යනු 1980 අංක 26 දරන අහාර පනත යටතේ තාවකාලික ආහාර සකසන හා පිළිගන්වන ස්ථානයක් වන අතර මනුෂ්‍ය පරිභොජනයට ගන්නා ආහාර, නිසි පරිදි සෞඛ්‍ය ක්‍රමානුකූල නොවන ආකාරයට පිළයෙල කිරීම හා පිළිගැන්වීම නිසා ආහාර හා ජලය මගින් බෝවන රෝග වැළඳීම හා ආහාර විෂ වීම් ද ඇතිවිය හැකි බව මහජන සෞඛ්‍ය පාරීක්ෂක කාර්යාලය සඳහන් කරයි.

එබැවින් මහජන සෞඛ්‍ය පරීක්ෂක කොට්ඨාසය තුළසංවිධානය වන සියලුම දන්සැල් පහත පොදු උපදෙස් මාලාවට අනුකූලව ඉටුවිය යුතු බව මහජන සෞඛ්‍ය පාරීක්ෂක කාර්යාලය නිවේදනය කරයි.

එමෙන්ම සෞඛ්‍යාරක්ෂිත නොවන ආකාරයට ආහාර පාන ලබාදීමය කටයුතු කරන සියලු දන්සැල් අවලංගු කරන බව හජන සෞඛ්‍ය පාරීක්ෂක කාර්යාලය වැඩිදුරටත් පවසයි.

 

Related Articles

Back to top button