විරේන් නෙත්තසිංහ සිය දෙවැනි තරගය ලෙසින් අද (30) ලෝක ශ්‍රේණිගත කිරීම්වල 62 වැනි ස්ථානයේ පසුවන ස්පාඤ්ඤ ක්‍රීඩක පැබ්ලෝ අබියන් සමඟ ක්‍රීඩා කරනු ලැබුවා.
එහිදී වට 2/0 ක් ලෙස එම තරගය ජය ගැනීමට පැබ්ලෝ අබියන් සමත් වුණා.
එහිදී ඔවුන් ක්‍රීඩ කළයන් දෙකෙහි පළමු වටය 9/21 ලෙසත්, දෙවැනි වටය 19/21ක් ලෙසත් ලකුණු සටහන් වුණා.
මින් පෙර පසුගිය 28වැනිදා ලෝක බැඩ්මින්ටන් ශ්‍රේණිගත කිරීම්හි හත්වන ස්ථානයේ සිටින මැලේසියානු ක්‍රීඩක ලී ෂී ජියා සමඟ පැවති තරගයද ඔහු පරාජයට පත් වුණා.
ඒ අනුව මූලික වටයේ තරගයන් දෙකම පරාජයට පත්වීම හේතුවෙන් ඔහුට ඔලිම්පික් ඉදිරි තරගයන් සඳහා ක්‍රීඩාකිරීම අහිමි යනු ලැබුවා.