Local News

නීති විරෝධී මත්පැන් භාවිතය ඉහළට !

නීති විරෝධී මත්පැන් භාවිතය ඉහළට !

මිල ඉහළ යාම නිසා මත්පැන් අලෙවිය 40%කින් අඩුවී ඇති බවත් පාරිභෝගිකයන් නීතිවිරෝධී මත්පැන් භාවිතයට පෙළඹීම වැඩිවී ඇති බවත් සුරාබදු කොමසාරිස් ජනරාල් එම්.ජේ ගුණසිරි මහතා පවසයි.

එබැවින් මත්පැන් කාල බෝතලයක මිල රුපියල් සියයකින් අඩු කරන ලෙස ඔහු මත්පැන් නිෂ්පාදකයන්ගෙන් ඉල්ලීමක් කර තිබේ.

ඒ මත්පැන් නිෂ්පාදකයන් සමග සුරාබදු දෙපාර්තමේන්තුවේදී ඊයේ (1) පැවැති විශේෂ රැස්වීමකදීය.

සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා පෙන්වා දෙන්නේ මේ වනවිට එතනෝල් ලීටරයක මිල රුපියල් 600-700ත් අතර මිලකට අඩුවී තිබීම නිසා මත්පැන් මිල අඩු කිරීමේ හැකියාවක් ඇති බවයි.

එහෙත් මත්පැන් නිෂ්පාදකයන් පෙන්වා දී ඇත්තේ සුරාබදු සහ මත්පැන් නිෂ්පාදන අමුද්‍රව්‍යවලට පනවා ඇති බදු නිසා මිල අඩු කිරීමට නොහැකි බවයි.

Related Articles

Back to top button