Sports

ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායමට ජර්මනියෙන් ක්‍රීඩකයෙක්

ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායමට ජර්මනියෙන් ක්‍රීඩකයෙක්

2026 FIFA ලෝක කුසලානයට තේරී පත් වීම සඳහා වන AFC ආසියානු කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලියට පෙර  ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය තවත් ශ්‍රී ලංකා සම්භවයක් ඇති ක්‍රීඩකයෙකු තෝරාගෙන තිබෙනවා.

ජර්මනියේ ජීවත් වන නමින් ජෙරමි පෙරේරා නැමති ක්‍රීඩකයා එලෙස ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් තෝරා ගනු ලැබූ බවයි ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය (FFSL) පවන්නේ.

ජර්මානු ලීගයේ කැපී පෙනෙන ප්‍රහාරාත්මක මැදපෙළ ක්‍රීඩකයෙකු වන ජෙරමි පෙරේරා ඊයේ (15) ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම් සංචිතයට එක් වූ අතර එම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ ඉහළ පෙළ නිලධාරින් ද එක්ව සිටියා.

තම ශ්‍රී ලාංකික දෙමාපියන් සමඟ ජර්මනියේ පදිංචි ජෙරමි පෙරේරා, එළඹෙන මාර්තු මාසයේ සිට ආරම්භ වන AFC ආසියානු කුසලාන අවසන් වටයේ තරගවලට පෙර ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම සමග එක් වනු ඇති.

Related Articles

Back to top button