Local News

රජයේ මුද්‍රණාලයේ උණුසුම් තත්ත්වයක්

රජයේ මුද්‍රණාලයේ උණුසුම් තත්ත්වයක්

රජයේ මුද්‍රණාලයේ මේ වනවිට උණුසුම් තත්ත්වයක් හට ගෙන ඇතැයි වාර්තා වේ.

මුද්‍රණාල සේවකයෙකු හා එහි ආරක්ෂක නිලධාරියෙක් අතර මෙම උණුසුම් තත්ත්වය හට ගෙන ඇත.

ආහාර ලබාගැනීම සඳහා මුද්‍රණාලයෙන් පිටව ගොස් ඇති අදාළ සේවකයා නැවත මුද්‍රණාලය තුළට එනවිට ආරක්ෂක නිලධාරියා සමග බහින්බස්වීමක් ඇතිව තිබේ.

පසුව ආරක්ෂක නිලධාරියා තියුණු ආයුධයකින් සේවකයාට පහරදීමට උත්සාහ දරා ඇත.

මෙම සිදුවීම එම ස්ථානයේ සිටි අයෙකු විසින් ජංගම දුරකථනයකින් මෙලෙස රූපගත කර තිබේ.

Related Articles

Back to top button