Local News

දුම්රිය ධාවනයට අද දිනයේදීත් බාධා

දුම්රිය ධාවනයට අද දිනයේදීත් බාධා

දුම්රිය ධාවනයට අද (19) දිනයේදීත් බාධා එල්ල වන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අද කාර්යාක්ෂමතා කඩඉම් විභාගයකට සහභාගි වන දුම්රිය රියදුරන් පිරිසක් ද්විත්ව සේවා මුරවල නොයෙදීම හේතුවෙනි.

මේ හේතුවෙන් ඊයේ (18) දිනයේදී ද දුම්රිය ගමන්වාර රැසක් අවංගු කළ බව දුම්රිය රියදුරන්ගේ සංගමයේ සභාපති කේ. ඒ. කොන්තසිංහ සඳහන් කළේය.

නගරාන්තර දුම්රිය සහ දුර ගමන් සේවා දුම්රිය සැලසුම් කළ කාලසටහන් අනුව ධාවනයට උපරිම පියවර ගෙන ඇති බව වාර්තා වේ.

Related Articles

Back to top button