
සංචාරක නවසීලන්ත – ශ්‍රී ලංකා කණ්ඩායම් අතර අද (26) පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු දිනයේදී පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 306ක් රැස් කර ගැනීමට සමත් වුණා.
ඒ කඩුළු 03ක් දැවී තිබියදී යි.
අද තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායමේ දිනේෂ් චන්දිමාල් සිය ටෙස්ට් දිවියේ 16 වැනි ශතකය ලෙසින් ලකුණු 116ක්ද, දිමුත් කරුණාරත්න ලකුණු ලකුණු 46ක්ද, ඇන්ජලෝ මැතිව්ස් නොදැවී ලකුණු 78ක්ද, කමිඳු මෙන්ඩිස් නොදැවී ලකුණු 51ක්ද රැස් කර ගැනීමට සමත් වුණා.
පන්දු යැවීමේදී නවසීලන්ත කණ්ඩායමේ Tim Southee සහ Glenn Phillips එක් කඩුල්ල බැඟින් දවා ගැනීමට සමත් වුණා



