World

චීනය සාර්ථකව චන්ද්‍රිකාවක් කක්ෂගත කරයි

චීනය සාර්ථකව චන්ද්‍රිකාවක් කක්ෂගත කරයි

සන්නිවේදන තාක්ෂණය අත්හදා බැලීමේ අංක 15 දරණ චන්ද්‍රිකාවක් නිරිතදිග චීනයේ ෂීචැන්ග් චන්ද්‍රිකා ගුවන්ගත කිරීමේ මධ්‍යස්ථානයෙන් අද කක්ෂගත කර තිබෙනවා.

එහිදී මෙම චන්ද්‍රිකාව නියමිත කක්ෂයට ඇතුළු වී ඇති අතර මෙහෙයුම සාර්ථකව සම්පූර්ණ කර ඇති බවටයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

මෙම චන්ද්‍රිකාව බහු සංඛ්‍යාත කලාප සහ අධිවේගී සන්නිවේදන තාක්ෂණය සඳහා මෙම චන්ද්‍රිකාව භාවිත කරන අතර, එය ලෝන්ග් මාර්ච් වර්ගයේ රොකට් මාලාවේ 562 වැනි පියාසැරි මෙහෙයුම වනවා.

Related Articles

Back to top button