Sports

නවසීලන්ත සංචිතයෙන් ප්‍රබලයෝ රැසක් විවේක ගන්වති

නවසීලන්ත සංචිතයෙන් ප්‍රබලයෝ රැසක් විවේක ගන්වති

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේදී ආරම්භවීමට නියමිත එක්දින හා විස්සයි20 ක්‍රිකට් තරගාවලිය සඳහා නම්කරනු ලැබූ නවසීලන්ත සංචිතයෙන් ප්‍රබල ක්‍රීඩකයන් රැසක් විවේක ගන්වා තිබේ.

නම්කරනු ලැබූ මෙම සංචිතයේ වැඩබලන නායකයා ලෙස මිචෙල් සැන්ට්නර් කටයුතු කරයි.

එමෙන්ම ඔහු සමගින් මේ දක්වා කිසිදු ජාත්‍යන්තර ක්‍රිකට් තරගයක් ක්‍රීඩාකර නොමැති මිච් හේ හා නේතන් ස්මිත් 15 දෙනෙකුගෙන් යුත් සංචිතයට කැඳවීමට නවසීලන්ත ක්‍රිකට් තේරීම කමිටුව කටයුතු යොදා ඇත.

ඒ අනුව කේන් විලියම්සන්, ඩෙවොන් කොන්වේ, ටොම් ලේතම්, ඩැරිල් මිචෙල්, රචින් රවීන්ද්‍ර සහ ටිම් සවුති ශ්‍රී ලංකා තරගාවලියෙන් විවේකගන්වා ඇත.

එංගලන්ත කණ්ඩායම ලබන නොවැම්බර් මාසයේදී තරග 3කින් යුත් ටෙස්ට් තරගාවලියක් සඳහා නවසීලන්තයේ තරග සංචාරයක නිතර වන අතර, එම තරගාවලියට ප්‍රමුඛත්වය ලබාදීම සඳහා ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් මෙලෙස විවේක ගන්වා තිබේ.

ශ්‍රී ලංකාව හා නවසීලන්තය අතර පළමුව තරග දෙකකින් යුත් විස්සයි20 තරගාවලිය දඹුල්ලේදී පැවැත්වේ. ඉන් අනතුරුව එක්දින තරගාවලිය පැවැත්වෙන අතර, තරග තුනකින් යුත් මෙය පල්ලේකැලේදී පැවැත්විමට නියමිතව ඇත.

නවසීලන්ත එක්දින හා විස්සයි20 සංචිතය

මිචෙල් සැන්ට්නර් (නායක), මයිකල් බ්‍රැස්වෙල්, මාර්ක් චැප්මන්, ජොෂ් ක්ලාක්සන්, ජේකොබ් ඩෆී, ලොකී ෆර්ගසන්, සක්  ෆුල්ක්ස්, ඩීන් ෆොක්ස්ක්‍රොෆ්ට්, මිච් හේ (කඩුලු රකින්නා), හෙන්රි නිකොල්ස්, ග්ලෙන් ෆිලිප්ස්, ටිම් රොබින්සන්, නේතන් ස්මිත්, ඉෂ් සෝදි, විල් යං

Related Articles

Back to top button