Local News

ජාතික බදු සතිය හෙට සිට ආරම්භ වෙයි.

ජාතික බදු සතිය හෙට සිට ආරම්භ වෙයි.

ජාතික බදු සතිය හෙට (02) සිට ආරම්භ වෙයි.

එහි සමාරම්භක උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට උදෑසන ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතය.

බදු ශක්ති නමින් එම බදු සතිය ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර ඇති අතර හෙට සිට 07වැනිදා දක්වා ක්‍රියාත්මක සතිය තුළ බදු ගෙවීම් සම්බන්ධයෙන් ජනතාව දැනුම්වත් කිරීමට අපේක්ෂා කරන බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස් ජනරාල් පී.කේ.එස් ශාන්ත මහතා සඳහන් කළේය.

මේ අතර මිලියන 10කට වැඩි පුද්ගලයින් පිරිසක් සඳහා මේ වන විටත් “ටින් අංකය” ලබා දී ඇති බව ජනාධිපති අතිරේක ලේකම් යූ.ඩී.එන් ජයවීර මහතා පැවසීය.

Related Articles

Back to top button