Local News

හෙට පෙරවරු 9.00ට පාර්ලිමේන්තුවට පැමිණෙන ලෙස සියලු මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලීමක්

හෙට පෙරවරු 9.00ට පාර්ලිමේන්තුවට පැමිණෙන ලෙස සියලු මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලීමක්

දස වන පාර්ලිමේන්තුවේ සමාරම්භක රැස්වීම සඳහා හෙට (21) පෙරවරු 9.00 වනවිට පාර්ලිමේන්තුවට පැමිණෙන ලෙස සියලු මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලීමක් කරන බව පාර්ලිමේන්තු මහලේකම් කුෂානි රෝහණධීර පවසනවා.

ඒ අනුව එදින පෙරවරු 10.00 ට පාර්ලිමේන්තුවේ සමාරම්භක රැස්වීම පැවැත්වීමට නියමිත බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඇය සඳහන් කළේ.

මේ අතර නව පාර්ලිමේන්තුවේ පළමු සභාවාරය පැවැත්වීම සඳහා අවශ්‍ය කටයුතු පහසු කරලීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙනුවෙන් අද දිනයේත් (20) තොරතුරු කවුළුවක් ස්ථාපිත කර ඇති බවද ඇය සඳහන් කළා.

එහිදී සියලු මන්ත්‍රීවරුන්ට ප්‍රයෝජනවත් වන තොරතුරු ලිපි ලේඛන සැපයීම, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ හැඳුනුම්පත සඳහා ඡායාරූප ලබා ගැනීම සහ විද්‍යුත් ඡන්ද විමසීමේ කටයුතුවලට අදාළ ඇඟිලි සලකුණු ලබාගැනීමේ කටයුතු සිදුකිරීමට නියමිතයි.

Related Articles

Back to top button