Local News

බොරැල්ලේ වෙඩිතැබීමට අත්අඩංගුවට ගත් තිදෙනාට රැදවුම් නියෝග

බොරැල්ලේ වෙඩිතැබීමට අත්අඩංගුවට ගත් තිදෙනාට රැදවුම් නියෝග

බොරැල්ල – සහස්පුර, සිරිසර උයන මහල් නිවාස සංකීර්ණය ආසන්නයේ සිදු වූ වෙඩි තැබීමේ සිද්ධියට අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනාට පැය 24ක රැදවුම් නියෝග ලබාදී තිබෙනවා.

වෙඩිතැබීමේ සිද්ධියට ආධාර අනුබල ලබාදීමේ චෝදනාව මත මොවුන් අත්අඩංගුවට ගත් බවයි පොලිසිය සඳහන් කළේ.

මෙලෙස අත්අඩංගුවට ගත් සැකකරුවන් බොරැල්ල සහ දෙමටගොඩ ප්‍රදේශවල පදිංචිකරුවන්.

එමෙන්ම සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට පුද්ගලයින් 10 දෙනෙකුගෙන් පමණ ප්‍රකාශ සටහන් කර ගෙන තිබෙනවා.

Related Articles

Back to top button