Local News

ඉදිරියේ ලුණු හිගයක් ?

ඉදිරියේ ලුණු හිගයක් ?

ඉදිරියේ ලුණු හිගයක් ඇති වීම වැළැක්වීම සදහා ඉන්දියාවෙන් ලුණු මෙටි්‍රක් ටොන් විසි දහසක් පමණ ආනයනය කිරීමට ලුණු සමාගම් විසින් රජයෙන් අනුමැතිය ඉල්ලා ඇති බවට තොරතුරු වාර්තාවනවා.

පසුගියදා පැවති අධික වර්ෂාව සහ ජලගැලීම් හමුවේ මන්නාරම, හම්බන්තොට සහ පුත්තලම ප්‍රධාන ලේවායන්හි ලුණු නිෂ්පාදනයෙන් හරි අඩක් පමණ අඩු වී තිබුණා.

මේ අතර, අමාත්‍ය වසන්ත සමරසිංහ විසින් තමාට එල්ල කළ චෝදනා ප්‍රතික්ෂේප කරන බව රත්න සහල් ව්‍යාපාරික මිත්‍රපාල ලංකේෂවර පවසනවා.

අමාත්‍ය වසන්ත සමරසිංහ පසුගියදා පාර්ලිමේන්තුවේදී චෝදනා කළේ රාජ්‍ය බැංකුවලින් රුපියල් බිලියන ගණනින් ණය මුදල් ලබාගෙන රත්න සහල් ව්‍යාපාරික මිත්‍රපාල ලංකේෂ්වර වෙළෙඳපොළට සහල් නිකුත් කිරීමට කටයුතු නොකරන බවටයි.

Related Articles

Back to top button