Local News

නායයෑමෙන් අවතැන් වූ පිරිසට නව නිවාස

නායයෑමෙන් අවතැන් වූ පිරිසට නව නිවාස

පසුගිය දිනවල දිවයිනට බලපෑ අයහපත් කාලගුණය හේතුවෙන් ඇති වූ නායයෑම්වලින් පුද්ගලයන් විශාල පිරිසක් පීඩාවට පත් වී තිබේ.

වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය සඳහන් කළේ නායයෑම් හේතුවෙන් බලපෑමට ලක්වී අවතැන් කඳවුරුවල වාසය කරන පවුල් සඳහා නව නිවාස ඉදිකිරීම ලබන මස මුල් සතියේ සිට ආරම්භ කරන බවයි.

 

ඒ අනුව කෑගල්ල දිස්ත්‍රික්කයේ පවුල් 22ක් සහ බදුල්ල දිස්ත්‍රික්කයේ පවුල් 51ක පුද්ගලයන් අවතැන් කඳවුරුවල රඳවා සිටින බව එම අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළේය.

ඔවුන් සඳහා නව නිවාස ඉදිකිරීමේ කටයුතු ත්‍රිවිධ හමුදාව විසින් භාරගෙන තිබෙන බවයි වාර්තා වන්නේ.

Related Articles

Back to top button