Local News

ඊ ටිකට් වංචාවට අත්අඩංගුවට ගත් අයෙකුට ඇප

ඊ ටිකට් වංචාවට අත්අඩංගුවට ගත් අයෙකුට ඇප

දුම්රිය දෙපාර්තමේන්තුව මගින් අන්තර්ජාලය ඔස්සේ නිකුත් කරනු ලබන ඊ ටිකට් නීති විරෝධී ලෙස මිලදී ගැනීම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබූ සංචාරක මඟ පෙන්වන්නෙකු කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඇප මත නිදහස් කිරීමට නියෝග කර තිබේ.

මහනුවර කොට්ඨාශ අපරාධ විමර්ශන අංශය විසින් අත්අඩංගුවට ගනු ලැබූ මෙම සැකකරු පසුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරදී තිබුණි.

සැකකරු අන්තර්ජාලය ඔස්සේ මිලදී ගත් ටිකට් පත් දෙකක් රුපියල් 27000/-  මුදලකට විදේශිකයින්ට විකිණීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේය.

එමෙන්ම මෙම සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබූ සැකකරුවන් තුන්දෙනෙකු රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

Related Articles

Back to top button