
ශ්‍රී ලංකා මලල ක්‍රීඩිකා තරුෂි කරුණාරත්න විසින් පැළඳ සිටි ධාවන පථ ඇඳුම් කට්ටලය ස්විට්සර්ලන්තයේ ලෝසාන් හි ඔලිම්පික් කෞතුකාගාරය වෙත පරිත්‍යාග කර තිබෙනවා.
ශ්‍රී ලංකාවේ ක්‍රීඩක ක්‍රීඩිකාවක් පළඳින ධාවන පථ කට්ටලයක් ඔලිම්පික් කෞතුකාගාරයට ඇතුළත් කළ පළමු අවස්ථාව මෙයයි.
ඒ අනුව, එය ශ්‍රී ලාංකික ක්‍රීඩිකාවකගේ ධාවන ඇඳුම් කට්ටලයක් කෞතුකාගාරයට ඇතුළත් කළ පළමු අවස්ථාව ලෙස ඉතිහාසගත වෙනවා.
19 හැවිරිදි ඇය විසින් අත්සන් කරන ලද මෙම ඇඳුම් කට්ටලය, කාන්තා මීටර් 800 ඉසව්වෙන් ආසියානු කලාපය නියෝජනය කරන ලාබාලතම මලල ක්‍රීඩිකාව ලෙස ඇයගේ ජයග්‍රහණයට උපහාරයක් ලෙස ප්‍රදර්ශනය කිරීමට නියමිතයි.
ඒ අනුව, මෙම අත්සන සහිත කට්ටලය ජාත්‍යන්තර ඔලිම්පික් කමිටු (IOC) කෞතුකාගාරයේ ප්‍රදර්ශන හා වැඩසටහන් පිළිබඳ ජ්‍යෙෂ්ඨ කළමනාකාරිනී ඈන් ජැකාර්ඩ් වෙත පිරිනමා තිබෙනවා



