Local News

ජනාධිපති ලබන 15 වනදා ඉන්දීයාවට

ජනාධිපති ලබන 15 වනදා ඉන්දීයාවට

ජනාධිපති ලබන 15 වනදා සිය ඉන්දීය සංචාරය ආරම්භ කරන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.

ඔහු සමග විදේශ අමාත්‍යවරයා සහ නියෝජ්‍ය මුදල් අමාත්‍යවරයා එක්වන බව අමාත්‍යවරයා පැවසීය.

ජනපතිවරයා දෙසැම්බර් 15 වනදා සිට 17 වනදා තෙක් ඉන්දියාවේ සංචාරය කරන බවත් එහිදී ඉන්දීය ජනාධිපතිවරිය සහ අගමැති නරේන්ද්‍ර මෝදී සමග නිල සාකච්ඡා පැවැත්වීමට නියමිත බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

අනුර කුමාර දිසානායක මහතා ජනාධිපතිවරයා ලෙස පත්වීමෙන් අනතුරුව සිදුකරන ඔහුගේ පළමු විදෙස් සංචාරය මෙය වෙයි.

Related Articles

Back to top button