Local News

ක්ලබ් වසන්ත ඝාතනයේ සැකකරුවන්ට ඇප

ක්ලබ් වසන්ත ඝාතනයේ සැකකරුවන්ට ඇප

අතුරුගිරිය ටැටූ මධ්‍යස්ථානයක් තුළදී වෙඩි තබා ව්‍යාපාරික සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්ත ඇතුළු පුද්ගලයන් දෙදෙනෙක් ඝාතනය කිරීමේ චෝදනාව මත රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි සැකකරුවන් 8 දෙනෙක් ඇප මත මුදා හැර තිබේ.

ඒ අනුව හෝමාගම මහාධිකරණ විනිසුරු මොහොමඩ් ඉර්ෂඩීන් ඊයේ (10) නියෝග කළේ සැකකරුවන් 08දෙනාගෙන් එක් අයෙක්ට රුපියල් ලක්ෂය බැගින් වූ මුදල් ඇප සහ තවත් පුද්ගලයන් දෙදෙනෙක්ට ශරීර ඇප සහ දැඩි කොන්දේසි මත මුදා හරින ලෙසයි.

මෙම සැකකරුවන් 08දෙනාට විදේශ ගමන් තහනම් කර ඇති අතර ඔවුන්ගේ විදේශ ගමන් බලපත්‍ර අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙස නියෝග කර තිබේ

එමෙන්ම සෑම ඉරිදා දිනයකදීම අතුරුගිරිය පොලීසියේ පෙනී සිට අත්සන් කරන ලෙසද විනිසුරුවරයා නියෝග කළේය.

Related Articles

Back to top button