
ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරඟයේ පළමු ඉනිම සඳහා පන්දුවට පහර දුන් බංග්ලාදේශ කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 495ක් ලබා ගත්තේය.
එම ඉනිම වෙනුවෙන් මුෂ්ෆිකර් රහීම් ලකුණු 163ක්, නජ්මුල් හොසෙයින් සැන්ටෝ ලකුණු 148ක් සහ ලිටන් ඩාස් ලකුණු 90ක් ලබා ගැනීමට සමත්විය.
පන්දු යැවීමේ දී අසිත ප්‍රනාන්දු කඩුලු 4ක් සහ තරිදු රත්නායක, මිලාන් රත්නායක කඩුලු තුන බැගින් බිද හෙළිය.
පළමු ඉනිම සඳහා පන්දුවට පහර දෙන ශ්‍රී ලංකා කණ්ඩායම මීට ටික වේලාවකට පෙර පන්දුවාර 6කට ලකුණු 30 ක් ලබා සිටියාය.
අද තරඟයේ තෙවන දිනයයි.



