Local News

කුරුලු උයනේ හිමිකරු අත්අඩංගුවට

කුරුලු උයනේ හිමිකරු අත්අඩංගුවට

නීතිවිරෝධීව මෙරටට ආනයනය කරන ලද යතුරුපැදි සඟවා තිබූ හම්බන්තොට, නාගරවැව කුරුලු උයනේ හිමිකරුව අද (17) උදෑසන විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ නාරාහේන්පිට ප්‍රදේශයේ දීය.

නීතිවිරෝධීව මෙරටට ආනයනය කරන ලද යතුරුපැදි 21ක් පසුගිය දා මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය විසින් සොයාගනු ලැබීය.

පොලීසිය පැවසුවේ මෙම එක් යතුරුපැදියක වටිනාකම රුපියල් කෝටි එකහමාරකට වඩා වටිනාකමින් යුතු බවය.

මේ අතර, මෙහිදී කුරුලු උයන පරිශ්‍රයේ නීතිවිරෝධී ලෙස වගා කර තිබූ ගංජා පැළ 04ක් සමග මෙම සත්ත්ව ගොවිපොළේ කළමනාකරු හා ගබඩා පාලකයා ද පොලිස් අත්අඩංගුවට ගනු ලැබීය.

එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, අවුරුදු 40 හා 50 වයස්වල පසුවන මාතර හා මිද්දෙණිය ප්‍රදේශවල පදිංචිකරුවන්ය.

Related Articles

Back to top button