Local News

දිවයිනේ සතර දෙසින් හමුවන මළ සිරුරු

දිවයිනේ සතර දෙසින් හමුවන මළ සිරුරු

නෙළුක්කුලම සහ මොරටුව පොලිස් වසම්වලින් නාඳුනන මෘත ශරීරයක් දෙකක් හමුව තිබේ.

ඊයේ (01) එම සිරුරු සොයාගත් බව පොලීසිය පැවසීය.

නෙළුක්කුලම පොලිස් වසමේ තම්පනෙයි පුලියන්කුලම් වැව ආසන්නයේ පාළු ඉඩමක නාඳුනන පිරිමි පුද්ගලයෙකුගේ මෘත ශරීරයක් තිබී සොයාගෙන ඇත.

මරණකරුගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු වී නොමැත.

මෘත ශරීරය මුලතිව් රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර නෙළුක්කුලම පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

මේ අතර මොරටුව පොලිස් වසමේ කොරලවැල්ල පොල්වත්ත ප්‍රදේශයේ මුහුදු තීරයේ නාඳුනන පිරිමි පුද්ගලයෙකුගේ මෘත ශරීරයක් තිබී හමුව ඇත.

මරණකරුගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු වී නොමැත.

Related Articles

Back to top button