Local News

නීතිවිරෝධීව මෙරටට රැගෙන ආ දුම්වැටි තොගයක් රේගු මත්ද්‍රව්‍ය පාලන ඒකකයේ නිලධාරීන් විසින් සිය භාරයට

නීතිවිරෝධීව මෙරටට රැගෙන ආ දුම්වැටි තොගයක් රේගු මත්ද්‍රව්‍ය පාලන ඒකකයේ නිලධාරීන් විසින් සිය භාරයට

නීතිවිරෝධීව මෙරටට රැගෙන ආ දුම්වැටි තොගයක් රේගු මත්ද්‍රව්‍ය පාලන ඒකකයේ නිලධාරීන් විසින් සිය භාරයට ගෙන තිබේ.

ඩුබායි සිට පැමිණි පුද්ගලයෙකු විසින් මෙම නීති විරෝධී දුම්වැටි තොගය මෙරටට රැගෙන විත් ඇති අතර අදාළ ඒකකයේ නිලධාරීන් විසින් සිදුකළ පරීක්ෂාවකදී මෙම දුම්වැටි තොගය හමුව තිබේ.

රේගු නිලධාරීන් පැවසුවේ සිය භාරයට ගත් දුම්වැටි තොගයේ වටිනාකම රුපියල් මිලියන 24ක් බවය.

රේගු මාධ්‍ය ප්‍රකාශක, අතිරේක රේගු අධ්‍යක්ෂක ජනරාල් සීවලී අරුක්ගොඩ මහතා පැවසුවේ නීති විරෝධී ආනයන මැඩපැවැත්වීම සහ රාජ්‍ය ආදායම ආරක්ෂා කිරීම සඳහා අඛණ්ඩව පරීක්ෂා කිරීම් සිදුකරන බවය.

Related Articles

Back to top button