Local News

නොරොච්චෝලේ බලාගාරය අනිද්දා වනවිට යථා තත්ත්වයට

නොරොච්චෝලේ බලාගාරය අනිද්දා වනවිට යථා තත්ත්වයට

ලබන බ්‍රහස්පතින්දා(13) වනවිට නොරොච්චෝලේ බලාගාරය යථා තත්ත්වයට පත් කිරීමට හැකියාව ඇතැයි විදුලිබල මණ්ඩලය පවසයි.

එහි මාධ්‍ය ප්‍රකාශක ධම්මික විමලරත්න මහතා සඳහන් කළේ, ඉන්පසු ජාතික පද්ධතියේ විදුලිය සැපයුම කළමනාකරණය කිරීමට අවශ්‍ය නොවන බවයි.

දිවයින කලාප හතරකට වෙන්කර අද(11) දිනයේත් විදුලි ඉල්ලුම කළමනාකරණය කිරීම සිදු වේ.

පස්වරු 3.30 සිට රාත්‍රී 10.00 දක්වා කාලය තුළ සැලසුම් කළ විදුලිය සැපයුම කළමනාකරණය සිදු කෙරෙනු ඇති.

ඒ අනුව සෑම කලාපයකම පැය 01 යි විනාඩි 30 ක කාලයක් විදුලිය සැපයුම කප්පාදු කෙරෙනු ඇති.

ඒ සඳහා විදුලි බල මණ්ඩලය කළ ඉල්ලීමට මහජන උපයෝගීතා කොමිසමේ අනුමැතිය ලබා දුන් බව නිවේදනයක් නිකුත් කරමින් එම කොමිසම සඳහන් කළේ ය.

ඒ අනුව A B C සහ D යන කලාපවලට පස්වරු 3.30 සිට 5.30 දක්වා කාලය තුළ පැය එක හමාරක විදුලි කප්පාදුවක් සිදු වෙනු ඇති.

E F G H U සහ V කලාපවලට විදුලිය විසන්ධි කෙරෙන්නේ පස්වරු 5.00 ත් 7.00 ත් අතර කාලය තුළයි.

I J K L P සහ Q යන කලාපවලට පස්වරු 6.30 ත් 8.30 ත් අතර කාලය තුළ පැය එක හමාරක් විදුලිය විසන්ධි කර තැබේ.

R S T සහ W කලාපවලට පස්වරු 8.00 සිට 10.00 දක්වා කාලය තුළ විදුලි කප්පාදුව සිදුවනු ඇත.

Related Articles

Back to top button