Sports

ටිම් බූන් පුහුණුකරුවෙකු ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් සමඟ එක් වෙයි

ටිම් බූන් පුහුණුකරුවෙකු ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් සමඟ එක් වෙයි

එංගලන්ත වයස අවුරුදු 19න් පහළ කණ්ඩායමේ හිටපු ප්‍රධාන පුහුණුකරුවෙකු වන ටිම් බූන්, පුහුණුකරුවෙකු හා ඉහළ කාර්යය සාධන උපදේශකවරයෙකු ලෙස මසක කාලයක් සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමග ගිවිසුම්ගත වී තිබෙනවා.

ඒ, ඉන්දියාවේ හිටපු පන්දු රැකීමේ පුහුණුකරු වන ආර් ශ්‍රීධර්, ශ්‍රී ලංකා පිරිමි හා කාන්තා කණ්ඩායම්වල ක්‍රීඩක ක්‍රීඩිකාවන් සදහා පුහුණු කදවුරක් පැවැත්වූ පසුබිමකයි.

මැයි 8 වැනිදා සිට ටිම් බූන් ශ්‍රී ලංකා ජාතික කාන්තා කණඩායම, කාන්තා ඒ කණ්ඩායම, පිරිමි නැගී එන කණ්ඩායම හා ශ්‍රී ලංකා වයස අවුරුදු 17න් පහළ කණ්ඩායම සමග කටයුතු කරනු ඇති.

Related Articles

Back to top button