Local News

ලංකා විදුලිබල මණ්ඩලය ඉදිරිපත් කර ඇති විදුලි ගාස්තු වැඩි කිරීමේ යෝජනාවලිය සම්බන්ධයෙන් මහජන අදහස් විමසීම අද සිට

ලංකා විදුලිබල මණ්ඩලය ඉදිරිපත් කර ඇති විදුලි ගාස්තු වැඩි කිරීමේ යෝජනාවලිය සම්බන්ධයෙන් මහජන අදහස් විමසීම අද සිට

ලංකා විදුලිබල මණ්ඩලය ඉදිරිපත් කර ඇති විදුලි ගාස්තු වැඩි කිරීමේ යෝජනාවලිය සම්බන්ධයෙන් මහජන අදහස් විමසීම අද(23) ඇරඹේන අතර ලබන මස 5 වැනිදා දක්වා පළාත් මට්ටමින් එය ක්‍රියාත්මකයි.

සබරගමුව පළාතේ මහජන අදහස් ලබා ගැනීම අද දිනය පුරා රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේ දි සිදු කෙරෙන බව මහජන උපයෝගීතා කොමිසම සඳහන් කළේ ය.

එහි සන්නිවේදන අධ්‍යක්ෂ ජයනාත් හේරත් මහතා සඳහන් කළේ, 076 3224610 අංකයට ඇමතුමක් ලබා දිමෙන්, සබරගමුව පළාතේ මහජන අදහස් විමසීම පිළිබඳ වැඩිදුර තොරතුරු ලබා ගත හැකි බවයි .

විදුලි බිල 18.3% කින් ඉහළ නැංවීමට, ලංකා විදුලි බල මණ්ඩලය යෝජනා කර තිබේ.

එය මෙම වසරේ ජනවාරී මාසයේ පැවති ගාස්තුවට වඩා 5.4% ක් අඩු බව, ලංකා විදුලි බල මණ්ඩලය පෙන්වා දී තිබේ.

Related Articles

Back to top button