
ශ්‍රී ලංකා ජාතික පාපන්දු කණ්ඩායම එළඹෙන ජුනි මාසයේ දී ජාත්‍යන්තර පාපන්දු තරග ද්විත්වයකට සහභාගී වීමට නියමිතයි.
බැංකොක් හිදි පැවැත්වීමට නියමිත සති දෙකක දීර්ඝ පුහුණු කඳවුරට සහභාගී වීමෙන් පසුව එළඹෙන ජුනි මස 05 වැනි දා ශ්‍රී ලංකාව තායිලන්තයේ දී බෲනායි දේශය සමඟ තරග වැදීමට නියමිත අතර, ඉන් පසුව එළඹෙන ජුනි මස 10 වැනි දා ශ්‍රී ලංකා කණ්ඩායම සහ චීන තායිපේ කණ්ඩායම් අතර තරගය ශ්‍රී ලංකාවේ දී පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.
ශ්‍රී ලංකාව සහ චීන තායිපේ අතර තරගය AFC ආසියානු කුසලාන තරගාවලියට සුදුසුකම් ලබා ගැනීමේ තරගයක් ලෙසයි පැවැත්වීමට නියමිත වන්නේ.
මෙම තරග ද්විත්වය සමඟ ශ්‍රී ලංකා කණ්ඩායමට FIFA ශ්‍රේණිගත කිරීම් හි තවදුරටත් ඉදිරියට යාමට වටිනා අවස්ථාවක් හිමි වනු ඇති අතර, ගෙවුණු ආසන්න කාල සීමාව තුළ ශ්‍රී ලංකා කණ්ඩායම විසින් කැපී පෙනෙන ඉදිරියක් ලබා ගැනීමට සමත් වීම ප්‍රේක්ෂක බලාපොරොත්තු තවත් ඉහළ දැමීමට හේතුවක් වුනා.