Local News

නිහඬ කාලසීමාවේ මැතිවරණ නීති උල්ලඝනය කිරීම් 50ක්

නිහඬ කාලසීමාවේ මැතිවරණ නීති උල්ලඝනය කිරීම් 50ක්

නිහඬ කාලසීමාව තුළ මේ දක්වා මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් 50ක් වාර්තාවී ඇති බව පැෆ්රල් සංවිධානය ප්‍රකාශ කළා.

ඉන් පැමිණිලි 30ක් නීිතිවිරෝධී ප්‍රචාරණ කටයුතු වනවා.

කෙසේ වෙතත් ජනාධිපතිවරණයේ මේ දක්වා කාලය, සාමකාමීව පවත්වා ගැනීමට හැකියාව ලැබී ඇති බවයි කොළඹ ඊයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි සදහන් කළේ.

ප්‍රජාතාන්ත්‍රීය ප්‍රතිසංස්කරණ හා මැතිවරණ අධ්‍යයන ආයතනයේ විධායක අධ්‍යක්ෂ මංජුල ගජනායක සඳහන් කළේ, රාජ්‍ය දේපළ අවභාවිත කිරීමේ ප්‍රවණතාවක්ද මෙවර මැතිවරණයේදී දක්නට ලැබුණු බවයි.

Related Articles

Back to top button