Local News

බණ්ඩාරවෙල අමිතානන්ද හිමිගේ ආදාහන පූජෝත්සවය ජූනි 1වනදා

බණ්ඩාරවෙල අමිතානන්ද හිමිගේ ආදාහන පූජෝත්සවය ජූනි 1වනදා

අපවත්වී වදාළ පූජ්‍ය බණ්ඩාරවෙල අමිතානන්ද හිමියන්ගේ දේහය අද (30) පෙරවරුවේ හෙයියන්තුඩුව සිරි දේවමිත්ත යෝගාශ්‍රමය වෙත රැගෙන ආවේය.

කලක සිට රෝගතුරුව සිටි උන්වහන්සේ කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ (29) අපවත් වූහ.

මෙරට තරුණ ප්‍රජාව ආගම දහමට නැඹුරු කිරීම සඳහා මහත් පරිශ්‍රමයක් දැරූ පංච මහා යෝගාශ්‍රමාදිපති  බණ්ඩාරවෙල අමිතානන්ද හිමි, දෙල්ගොඩ යොවුන් සිතට දහම් සිසිල මධ්‍යස්ථානයේ නිර්මාතෘ හිමියෝය.

සද්ධර්ම කීර්ති, ශාසනා අභිමානී, ත්‍රිපිටකාචාර්ය බණ්ඩාරවෙල අමිතානන්ද හිමියන්ගේ ආදාහන පූජෝත්සවය දොම්පේ ඕල්කට් ක්‍රීඩාංගණයේදී ජුනි 1වනදා සිදු කිරීමට නියමිතය.

දොම්පෙ ශ්‍රී කල්‍යාණි යෝගාශ්‍රමය මූලික කරමින් පැවැත්වෙන මෙම ආදාහන උත්සවය එදින දහවල් 12.30ට ආරම්භකිරීමට කටයුතු යොදා තිබේ.

Related Articles

Back to top button