
ගුවන් නියමුවෙකු තම විදේශ ගමන් බලපත්‍රය නොමැතිව ගුවන් ගත වී ඇති බව අනාවරණය වීමෙන් පසු, ලොස් ඇන්ජලීස් සිට චීනය බලා පියාසර කරමින් සිටි යුනයිටඩ් ගුවන් සේවයට අයත් 787 ගුවන් යානයක්, ඉකුත් අන්තයේ දී ආපසු හැරවීමට සිදු වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
අදාළ ගුවන් යානය සෙනසුරාදා පස්වරු 2 ට ලොස් ඇන්ජලීස් වෙතින් මගීන් 257 දෙනෙකු සහ කාර්ය මණ්ඩලය 13 දෙනෙකු සමඟ පිටත් වී පැසිෆික් සාගරය හරහා වයඹ දෙසට ගමන් කර ෂැංහයි බලා පිටත් වී තිබෙනවා.
කෙසේ නමුත් පැය දෙකකට පසු, යානය ආපසු හැරී සැන් ෆ්‍රැන්සිස්කෝ බලා යළි පැමිණි අතර, එය එදින සවස 5ට පමණ ගොඩ බැස්සවූ බව FlightAware වෙබ් අඩවිය වාර්තා කරනවා.
මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින්, යුනයිටඩ් ගුවන් සේවය සඳහන් කර තිබුණේ, “නියමුවාට ඔහුගේ විදේශ ගමන් බලපත්‍රය යානයේ නොතිබී ඇත. එදින සවස අපගේ ගනුදෙනුකරුවන් ඔවුන්ගේ ගමනාන්තයට රැගෙන යාම සඳහා අපි නව කාර්ය මණ්ඩලයක් සංවිධානය කළෙමු. ගනුදෙනුකරුවන්ට ආහාර වවුචර් සහ වන්දි ලබා දෙන ලදී.” යනුවෙන්.
කෙසේ නමුත් නව කාර්ය මණ්ඩලය එදිනම රාත්‍රී 9 ට පමණ යළි පිටත් වී ඇති අතර ෂැංහයි වෙත ළඟා වීමට නියමිත වේලාවට වඩා පැය හයක් පමණ ප්‍රමාද වී තිබෙනවා.



