
සිසුන් දණ ගස්වා පහර දීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ උපකාරක පන්ති ගුරුවරයා සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශන සදහා සහය දීමට කැමති වින්දිත දරුවන් සිටී නම් ඒ පිළිබද දැනුවත් කරන ලෙස ජාතික ළමා ආරක්ෂණ අධිකාරිය දැනුම් දෙනවා.
1929 දුරකතන අංකය හරහා එම දැනුම් දීම සිදු කළ හැකි බවයි එම අධිකාරිය කියා සිටියේ.
අදාළ උපකාරක පන්ති ගුරුවරයා සම්බන්ධයෙන් විදෙස් ගමන් තහනමක් ද ලබා ගැනීමට ළමා රක්ෂක අධිකාරිය ඊයේ පියවර ගෙන තිබුණා.
ඊයේ පස්වරු දෙක වන විට එම අධිකාරිය වෙත පැමිණෙන ලෙස ඔහුට දැනුම් දී තිබූ පසුබිමක ඔහු එහි පැමිණ සිටියේ නැහැ.
එම තත්ත්වය හමුවේ මොහු අත්අඩංගුවට ගැනීම සදහා විමර්ශන ආරම්භ කෙරෙනු අතර පසුව ඔහුගේ නීතීඥවරයා දැනුම් දී තිබුණේ, ලබන 19 වැනිදා ඔහුට ඒ සදහා අවස්ථාව ලබාදෙන ලෙසයි.
මෙම උපකාරක පන්ති ගුරුවරයා පෞද්ගලික කටයුත්තක් සදහා පසුගිය ඉරිදා විදෙස් ගත වූ බව ඔහුගේ නීතිඥවරයා වැඩිදුරටත් දන්වා ඇති අතර 19 වැනිදා ඔහු අධිකාරිය වෙත ඉදිරිපත් කරන බවයි ප්‍රකාශ කර ඇත්තේ.
නුගේගොඩ සහ ගම්පහ ප්‍රදේශවල උපකාරක පන්ති පවත්වන ගුරුවරයෙකු වන මොහු පන්තිවලට සහභාගිවන සිසුන්ට පහර දෙන විඩීයෝවක් මේ වනවිට සමාජ මාධ්‍යයේ සංසරණය වනවා.
එම විඩියෝ දර්ශනයට අනුව ඇතැම් අවස්ථාවලදී එම පන්තියේම සිසුවියක ලවා සිසුවෙකුට පහර දෙන ආකාරය ද දක්නට ලැබුණා.



