
රුපියල් කෝටි දහයක් පමණ වටිනා සුඛෝපභෝගී මෝටර් රථයක් නීති විරෝධීව එකලස් කිරීමේ සිදුවීමට අදාළ නඩුව සම්බන්ධයෙන් අද දිනයේ අධිකරණයේ පෙනී සිටි හිටපු රාජ්‍ය අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ ඇප මත මුදා හැර තිබෙනවා.
ඒ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝගයකට අනුවයි.
මීට අදාලව අද දිනයේ ඔහු අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් වෛද්‍ය ප්‍රතිකාර සඳහා විදෙස් ගතවූ බව තහවුරු කිරීම සඳහා වෛද්‍ය වාර්තා ඉදිරිපත් කරන ලෙසත් කොටුව මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර පසුගියදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර තිබුණා.
අද නඩු විභාගය පැවැත්වෙන අවස්ථාවේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මෙන්ම සමගි ජනබලවේගය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රංජිත් මද්දුම බණ්ඩාර, කබීර් හෂීම්, මනෝ ගනේෂන් හා මුජිබර් රහුමාන් ඇතුලු පිරිසක් අධිකරණය වෙත පැමිණ සිටි බවයි හිරු අධිකරණ වාර්තාකරු සදහන් කළේ.



