
අමෙරිකාවේ ඇරිසෝනාහී පිහිටි ගුවන් තොටුපොළකදී ජෙට් යානා දෙකක් එකිනෙක ගැටීමෙන් අනතුරක් සිදුව තිබේ.
අදාළ ගුවන්තොටුපොළ වෙත ජෙට් යානයක් ගොඩ බැස්සවීමේදී එම යානය ධාවන පථයෙන් ඉවතට පැන ගුවන්තොටුපොළේ නවතා තිබූ තවත් ජෙට් යානයක ගැටීමෙන් අනතුර සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
අනතුරින් එක් පුද්ගලයෙකු මියගොස් තවත් කිහිප දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් එරට ආරක්ෂක අංශ වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇති බව සඳහන්ය.



