World

මිනිසුන් රහිත භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයේ පළමු ගමන සාර්ථකයි

මිනිසුන් රහිත භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයේ පළමු ගමන සාර්ථකයි

චීනයේ නිෂ්පාදිත TP1000 නම් මිනිසුන් රහිත භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානය, Shandong පළාතේ දී සිය පළමු ගුවන් ගමන සාර්ථකව දියත් කර තිබේ.

මෙය ගුවනේ සිට භාණ්ඩ බෙදා හැරිය හැකි චීනයේ නිෂ්පාදිත ප්‍රථම මිනිසුන් රහිත මහා පරිමාණ ප්‍රවාහන ගුවන් යානාවයි.

‍ඩ්‍රෝන යානාවල ගුවන්ගත කිරීමේ ප්‍රමිතීන්ට අනුකූලව, චීනය මෙම ගුවන් යානය සම්පූර්ණයෙන්ම ස්වාධීනව පර්යේෂණ කරමින් නිෂ්පාදනය කර ඇත.

මෙම ගුවන් යානයෙන් ටොන් එකක ධාරිතාවක් දක්වා ප්‍රවාහනය කිරීමේ හැකියාව තිබේ.

එමෙන්ම සම්පූර්ණ බර ද සහිත ව කිලෝමීටර් 1000ක දුරක් ගමන් කිරීමේ හැකියාව ද මෙම යානය සතු වේ.

TP1000 යානය ලබන වසරේ සිට නිල වශයෙන් භාවිත කිරීමට සැලසුම් කරන බව චීන වාර්තාවල දැක්වේ.

Related Articles

Back to top button