Local News

කොටුව දුම්රිය ස්ථානය නවීකරණය කිරීම සඳහා ටෙන්ඩර් කැඳවයි

කොටුව දුම්රිය ස්ථානය නවීකරණය කිරීම සඳහා ටෙන්ඩර් කැඳවයි

කොළඹ කොටුව දුම්රිය ස්ථානය නවීකරණ ව්‍යාපෘතිය සඳහා ටෙන්ඩර් කැඳවා ඇති බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය පවසනවා.

ආසියානු සංවර්ධන බැංකුවේ සහාය ඇතිව කොළඹ කොටුව දුම්රිය ස්ථානය නවීකරණය කිරීමට නියමිත බවයි සඳහන් වන්නේ.

ඒ අනුව, කොටුව දුම්රිය ස්ථානය නවීන පහසුකම් සහිත දුම්රිය ස්ථානයක් ලෙස සංවර්ධනය කිරීමට පියවර ගන්නා අතර, ඒ සඳහා ඇස්තමේන්තුගත වියදම රුපියල් මිලියන 1,395ක් බවද සඳහන්.

මෙම සංවර්ධන වැඩ කටයුතු මේ වසර අවසානයේදී ආරම්භ කිරීමට නියමිත අතර, ව්‍යාපෘතිය මාස 15ක කාලයක් තුළ නිම කිරීමට අපේක්ෂිත බවයි අමාත්‍යාංශය වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.

Related Articles

Back to top button