Local News

දණ්ඩ නීති සංග්‍රහය සංශෝධනය කිරීම සඳහාවන පනත් කෙටුම්පත ගැසට් කිරීමට අනුමැතිය

දණ්ඩ නීති සංග්‍රහය සංශෝධනය කිරීම සඳහාවන පනත් කෙටුම්පත ගැසට් කිරීමට අනුමැතිය

ශාරීරික දඬුවම් මගින් දරුවෙකුට සිදු වන ශාරීරික හා මානසික හිංසනය පුළුල් බව විද්‍යාත්මකව ඔප්පු කර තිබෙනවා.

එබැවින්, ඕනෑම ක්ෂේත්‍රයක ශාරීරික දඬුවම් මගින් හිංසනයට ලක් කිරීම තහනම් කිරීම සඳහා සහ ශාරීරික හිංසනය වෙනුවෙන් දඬුවම් නියම කිරීම සඳහා විධිවිධාන පැනවීම පිණිස (19 වන අධිකාරය වූ) දණ්ඩ නීති සංග්‍රහය සංශෝධනය කිරීම පිණිස 2024-04-29 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී තිබුණා.
ඒ අනුව, අදාළ කාර්යය සඳහා නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කරන ලද දණ්ඩ නීති සංග්‍රහය (සංශෝධන) පනත් කෙටුම්පත රජයේ ගැසට්‌ පත්‍රයේ පළ කර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම පිණිස මීට පෙර අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දී ඇති නමුත් ඒ අනුව කටයුතු කිරීමට හැකි වී නොමැත.
එම පනත් කෙටුම්පත කඩිනමින් නීතිගත කිරීමේ අවශ්‍යතාව හඳුනාගනු ලැබ තිබෙනවා.
ඒ අනුව, එම පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත්, ඉන් අනතුරුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබුණා.

Related Articles

Back to top button