Local News

දෙවන දිනටත් කොළඹ කොටුව – බදුල්ල අතර රාත්‍රී තැපැල් දුම්රිය ගමන් නවතී

දෙවන දිනටත් කොළඹ කොටුව - බදුල්ල අතර රාත්‍රී තැපැල් දුම්රිය ගමන් නවතී

කොළඹ කොටුව සිට බදුල්ල බලා ධාවනය වන රාත්‍රී තැපැල් දුම්රිය හා බදුල්ල සිට කොළඹ කොටුව බලා ධාවනය වන රාත්‍රී තැපැල් දුම්රිය අද (20) දිනයේත් ක්‍රියාත්මක නොවන බව ශ්‍රී ලංකා දුම්රිය සේවය පවසයි.

ඉදල්ගස්හින්න සහ ඔහිය දුම්රිය ස්ථාන අතරදී දුම්රිය මාර්ගයට පස් කන්දක් සමග ගල් පෙරළීම හේතුවෙන් එම මාර්ගය පිළිසකර කිරීමේ කටයුතු තවමත් සිදුකරන හෙයින් මෙලෙස අවලංගු කර කර තිබේ.

ඊයේ (19) දිනයේ දී මෙම රාත්‍රී තැපැල් දුම්රිය අවලංගු කරනු ලැබීය.

මෙම ගස් හා පස්කඳු කඩා වැටීම හේතුවෙන් ඉකුත් 18වනදා කොළඹ බලා ධාවනය වූ රාත්‍රී තැපැල් දුම්රිය ඉදල්ගස්හින්න සහ ඔහිය දුම්රිය ස්ථාන අතරදී පීලිපැනීමට ලක්විය.

මේ හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ ධාවනය කොළඹ කොටුව සිට නානුඔය දක්වා සහ බදුල්ල සිට බණ්ඩාරවෙල දක්වා පමණක් සීමාකර තිබේ.

Related Articles

Back to top button