World

ට්‍රම්ප් සංක්‍රාන්ති ලිංගික කාන්තාවන්ට, කාන්තා ක්‍රීඩාවලට සහභාගිවීම තහනම් කරයි.

ට්‍රම්ප් සංක්‍රාන්ති ලිංගික කාන්තාවන්ට, කාන්තා ක්‍රීඩාවලට සහභාගිවීම තහනම් කරයි.

සංක්‍රාන්ති ලිංගික කාන්තාවන්ට, කාන්තා ක්‍රීඩාවලට සහභාගිවීම තහනම් කිරීමට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කටයුතු කර තිබේ.

ඒ ඊට අදාළ විධායක නියෝගය ඊයේ (05) අත්සන් තබමිනි.

එම අවස්ථාවට ළාබාල ක්‍රීඩිකාවන් පිරිසක් ද එක්ව සිටියේය.

මෙය ජනවාරි 20 වනදා ඔහු බලයට පත්වීමෙන් පසු අත්සන් කළ සිව්වන විධායක නියෝගය බව සඳහන් වේ.

මෙහිදී අගෝස්තු මාසයේ පැරිස් ඔලිම්පික් උළෙලේ ලිංගභේදය පිළිබඳව දැඩි පරීක්ෂාවකට ලක් වූ ඇල්ජීරියානු කාන්තා බොක්සිං ක්‍රීඩිකාව ඉමාන් කෙලිෆ් සම්බන්ධයෙන් ද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අදහස් දක්වා තිබුණි.

එහිදී ඔහු “පිරිමින් ගැහැණු ළමයින් යැයි කියා ගැනීම” සහ “ජයග්‍රහණ සොරකම් කිරීම” යන කරුණු සම්බන්ධයෙන් ද කරුණු දැක්වූ බව විදෙස් මාධ්‍ය පවසයි.

මෙම විධායක නියෝගය හා සම්බන්ධව කටයුතු කරන ධවල මන්දිර නිලධාරීන් පවසා ඇත්තේ මෙම නියෝගයේ අරමුණ කාන්තාවන්, ආරක්ෂිතව සහ සාධාරණ මලල ක්‍රීඩා අවස්ථා සඳහා ප්‍රවේශ වීම සුරැකීම බවය.

Related Articles

Back to top button