World

කොලොම්බියානු ජනාධිපති කැබිනට් මණ්ඩලයේ සාමාජිකයින්ට ඉල්ලා අස්වන ලෙසට දැනුම් දෙයි

කොලොම්බියානු ජනාධිපති කැබිනට් මණ්ඩලයේ සාමාජිකයින්ට ඉල්ලා අස්වන ලෙසට දැනුම් දෙයි

කොලොම්බියානු ජනාධිපති ගුස්ටාවෝ පෙට්‍රෝ කැබිනට් මණ්ඩලයේ සාමාජිකයින්ට ඉල්ලා අස්වන ලෙසට දැනුම් දී තිබෙනවා.

ඒ නව කැබිනට් සංශෝධනයක් සදහායි.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, එරට පරිසර අමාත්‍යවරිය වන මරියා සුසානා ධුරයෙන් ඉල්ලා අස් වීමෙන් පසු ඇති වූ තත්ත්වය මත ජනාධිපතිවරයා මෙම දැනුම් දීම සිදු කර ඇති බවයි.

ඇය ධූරයෙන් ඉල්ලා අස් වී ඇත්තේ ජනාධිපතිවරයා සිදු කළ නව පත්කිරීමකට විරෝධය පළ කරමින්.

කෙසේ වෙතත්, ජනාධිපති ගුස්ටාවෝ පෙට්‍රෝ සදහන් කළේ, වඩාත් යහපත් තත්ත්වයක් ඇති කිරීම සදහා මෙම සංශෝධනය සිදු කරන බවයි.

Related Articles

Back to top button