World

පසුගිය 21වනදා සිට 23 දක්වා බෙයිජිංහිදී සංහිඳියා සංවාද පවත්වයි.

පසුගිය 21වනදා සිට 23 දක්වා බෙයිජිංහිදී සංහිඳියා සංවාද පවත්වයි.

චීනයේ ඇරයුමට අනුව පලස්තීනයේ පාර්ශ්ව 14ක උසස් නියෝජිතයන් පසුගිය 21වනදා සිට 23 දක්වා බෙයිජිංහිදී සංහිඳියා සංවාද පැවැත්වූ බව චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශිකා Mao Ning පවසනවා.

චීන විදේශ ඇමති වං යී එහිදී සංහිඳියා සංවාදයේ සමාප්ති උත්සවයට එක් වෙමින් දේශනයක් සිදු කරමින් පැවසුවේ පලස්තීනයේ පාර්ශ්ව 14 අතර සංහිඳියාව මෙවර සංවාදයේ වැදගත්ම එකඟතාව බවට පත්වන බවයි.

පලස්තීන විමුක්ති සංවිධානය, පලස්තීන ජනතාවගේ එකම නිත්‍යනුකූල නියෝජිතයා ලෙසට පත්වීම, මෙවර සංවාදයේ කේන්ද්‍රීය ප්‍රතිඵලයක්.

ගාසා තීරයේ පශ්චාත් සංවර්ධනය හා තාවකාලික ජාතික සංහිඳියා රජය ස්ථාපිත කිරීම පිළිබඳ විවිධ පාර්ශ්ව එකඟතාවට පැමිණීම, මෙවර සංවාදයේ කැපී පෙනෙන ප්‍රතිඵලයක් බව ඔහු පවසනවා.

මෙවර සංහිඳියාව මත පලස්තීනයේ විවිධ පාර්ශ්වයන්‍ට කඩිනම් ජාතික එකමුතුව හා ස්වාධීන රටක් ගොඩනැගීමට හැකිවෙතැයි චීනය අපේක්ෂා කරනවා.

Related Articles

Back to top button