World

යුද්ධය අවසන් කිරීම සඳහා ඉරානය සමග දෙවන වටයේ සාකච්ඡා මෙම සතිය අගදී

යුද්ධය අවසන් කිරීම සඳහා ඉරානය සමග දෙවන වටයේ සාකච්ඡා මෙම සතිය අගදී

යුද්ධය අවසන් කිරීම සඳහා ඉරානය සමග දෙවන වටයේ සාකච්ඡා මෙම සතිය අගදී පැවැත්විය හැකි යැයි ඇමෙරිකානු ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

ෆොක්ස් නිව්ස් නාළිකාව සමග පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කර ඇත.

එහිදී ඔහු තවදුරටත් පවසා ඇත්තේ, සාම සාකච්ඡා “ඉදිරි දින දෙක තුළ සිදුවිය හැකි” බව ය.

පසුගිය සතියේ ඇමෙරිකාව සහ ඉරානය අතර පකිස්ථානයේදී පළමු වරට පැවැත්වූ සාම සාකච්ඡා එකඟත්වයකින් තොරව අවසන් විය.

සාම සාකච්ඡා සඳහා ඇමෙරිකාවේ නියෝජිතයන් වශයෙන් ඇමෙරිකාවේ උප ජනාධිපති ජේ.ඩී. වැන්ස් ඇතුළු දූත පිරිස සහභාගී වී ඇති අතර ඉරාන නියෝජිතයන් ලෙස ඉරාන කතානායක මොහොමඩ් බාගර් ගලීබාෆ්, විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි ඇතුළු පිරිස සහභාගී වී ඇත.

දශක ගණනාවක් පුරා දෙරට අතර පැවති අවිශ්වාසය එක රැයකින් ජය ගත නොහැකි බව ඇමෙරිකාවේ උප ජනාධිපතිවරයා පිළිගෙන තිබිණි.

නමුත් ඉරානය සමග ගිවිසුමක් ඇති කර ගැනීමට අවශ්‍ය බව විශ්වාස කරන බව ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබේ.

ඉරානයට න්‍යෂ්ටික අවියක් තිබිය නොහැකි බව ට්‍රම්ප්ගේ ප්‍රතිපත්තිය බවත් ඒ සඳහා සාකච්ඡා සිදුවෙමින් පවතින බවත් ඔහු නැවත අවධාරණය කර ඇත.

Related Articles

Back to top button