පෙර ලියාපදිංචි වූ ගමන් බලපත්ර අයදුම්කරුවන් පමණක් ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ ප්රධාන කාර්යාලයට සහ ප්රාදේශීය කාර්යාල වෙත පැමිණෙන ලෙස ආගමන විගමන දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.
නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව ප්රකාශ කළේ පූර්ව ලියාපදිංචියකින් තොරව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව වෙත පැමිණීමෙන් වළකින ලෙසටයි.
ලියාපදිංචි වීමෙන් අනතුරුව ගමන් බලපත් ලබාගැනීමේ අවස්ථාව හිමිවන්නේ ප්රමුඛතා ක්රමවේදයකට අනුකූලවයි.
ලබන වසරේ සිට කාර්යක්ෂම හා ආරක්ෂාකාරී නව ඊ ගමන් බලපත් ලබාදීම ආරම්භ කිරීමට නියමිත බවයි ආගමන විගමන දෙපාර්තමේන්තුව ප්රකාශ කළේ.
ඒ අනුව ගමන් බලපත් අයදුම්කරුවන්ගේ පහසුව සඳහා ගමන් බලපත් අයදුම්කිරීම සඳහා නව ක්රමවේදයක් ලෙස ක්රියාත්මකයි.