ශ්රී ලංකාව සහ ඉන්දියාව අතර පැවැත්වෙන පළමු එක්දින තරගයේ දී පැතුම් නිස්සංක අර්ධ ශතකයක් ලබා ගැනීමට සමත් වුණා.
ඒ, පන්දු 65ක දියි.
මෙම තරගයේ කාසිය වාසිය දිනා ගැනීමට ශ්රී ලංකාව සමත් වුණු අතර, ඔවුන් තීරණය කළේ පළමුව පන්දුවට පහර දීමටයි.
එක්දින තරගාවලියේදී ඉන්දියානුවන් මට්ටු කරන්නට ශ්රී ලංකා ක්රීඩකයින් සැලසුම් කළත් ඔවුන්ට සිය ප්රධානතම වේගපන්දු යවන්නන් හය දෙනාගේ සහාය හිමිවන්නේ නැහැ.
ඒ, ආබාධ හේතුවෙන් දුෂ්මන්ත චමීර ,නුවන් තුෂාර ,මතීෂ පතිරණ ,ඩිල්ෂාන් මධුශංක ,ලහිරු කුමාර සහ බිනුර ප්රනාන්දුට මෙම තරගාවලිය අහිමිවීමත් සමගයි