Local News

රාජිත සේනාරත්න හෙට ආණ්ඩුවට.

රාජිත සේනාරත්න හෙට ආණ්ඩුවට.

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි දොස්තර රාජිත සේනාරත්න හෙට (13 වැනිදා) පෙරවරුවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහයෝගය පළකරමින් ආණ්ඩුවට එකතු වීමට නියමිතය.

කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ පැවැත්වෙන උත්සවයකදී මන්ත්‍රිවරයා ජනාධිපතිවරයාට සහයෝගය පළකරමින් ආණ්ඩුවට එකතු වීමට සැලසුම් කර ඇති බව දේශපාලන ආරංචිමාර්ග සඳහන් කළේය.

මන්ත්‍රි රාජිත සේනාරත්න පෙරේදා (10 වැනිදා) කළුතර දිස්ත්‍රික්කයේ සිය ක්‍රියාකාරීන් කළුතර හෝටලයකට කැඳවා අදහස් විමසීමක් ද කර තිබේ. එහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ආර්ථිකය ගොඩනැගූ ආකාරය පිළිබඳව මන්ත්‍රිවරයා කරුණු දක්වා ඇත.

Related Articles

Back to top button