ත්‍රිවිධ හමුදාවේ නිලධාරීන් 784කට තීරු බදු රහිත වාහන බලපත්‍ර නිකුත් කර තිබෙනවා.
මේවා ඉකුත් වසරේදී නිකුත් කළ බවයි ආරක්ෂක අමාත්‍යාංශය පවසන්නේ.
ඒ අනූව යුද හමුදාවේ 437කට නාවික හමුදාවේ 167කට ගුවන් හමුදාවේ 115කට මෙන්ම සිවිල් ආරක්ෂක නිලධාරීන් 40කට සහ කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල කාර්ය මණ්ඩලයේ 25දෙනකුටද තීරු බදු රහිත වාහන බලපත්‍ර නිකුත් කර තිබෙනවා.
මේ බව ආරක්ෂක අමාත්‍යාංශය නිකුත් කළ 2023 කාර්ය සාධන වාර්තාවේ දැක්වෙනවා.
මේ අතර තීරු බදු රහිත වාහන බලපත්‍ර 68ක් සේවයෙන් විශ්‍රාම ගිය ත්‍රිවිධ හමුදා නිලධාරීන්ට නිකුත් කර ඇති බවයි දැක්වෙන්නේ.
එමෙන්ම හමුදාවේ නිලධාරීන් 545ක් ගිය වසරේ පෞද්ගලික නිවාඩු ලබාගෙන විදේශගත වී තිබෙන බව සඳහන්.
මේ අතර රාජකාරී නිවාඩු ලබාගෙන 165 දෙනෙකු විදේශගත වූ බවද දක්වා තිබෙනවා.
තවද එම කාර්ය සාධන වාර්තාව සඳහන් කරන්නේ පසුගිය වසරේදී විශ්‍රාම ලැබූ ත්‍රිවිධ හමුදා නිලධාරින් සංඛ්‍යාව 655ක් බවයි.
2023 වසරේදී සමස්ථ නිලධාරීන් 1485 දෙනකු සඳහා උසස්වීම් ලබාදී තිබෙන බවයි එහි දැක්වෙන්නේ.
ඔවුන් අතර අධිකාරි ගත කෙරුණු නිලධාරීන් සංඛ්‍යාව 725ක් බවද ආරක්ෂක අමාත්‍යාංශයේ 2023 වාර්ෂික කාර්ය සාධන වාර්තාවේ දැක්වෙනවා