“නිකේතන වරාය” (MARINA) සංවර්ධන ව්‍යාපෘතිය සඳහා බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් පෞද්ගලික සමාගමේ පූර්ණ හිමිකාරිත්වය සහිත සමාගම වන කළම්බු මරීනා ඩිවලොප්මන්ට් (ප්‍රයිවට්) ලිමිටඩ් වෙත කොළඹ වරාය නගරය බල ප්‍රදේශය තුළ පිහිටි ඉඩම් කැබැලි 04ක් බදු පදනම මත ලබා දී ඇත.
යාත්‍රා 243ක් නවතා තැබිය හැකි සහ සම්පූර්ණ ධාරිතාවකින් යුත් කැපිටනරි, අමුත්තන් සඳහා සමාජ ශාලා, ආහාර පාන, සිල්ලර වෙළෙඳ සැල්, විනෝදාස්වාද ස්ථාන, උත්සව සඳහා ඉඩපහසුකම් සහ වාහන නැවැත්වීමේ ඉඩකඩ ද එම ව්‍යාපෘතිය මඟින් නිර්මාණය කර ඇත.
ඒ අනුව, 2021 අංක 11 දරන කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව පනතේ විධිවිධාන පරිදි කළම්බු මරීනා ඩිවලොප්මන්ට් (ප්‍රයිවට්) ලිමිටඩ් ක්‍රමෝපාය වැදගත්කමක් ඇති ව්‍යාපාරයක් වශයෙන් නම් කිරීමටත්, එකී ව්‍යාපාරය සඳහා අදාළ නිදහස් කිරීම් හෝ දිරිගැන්වීම් ප්රදානය කිරීමටත් ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.