ජනාධිපතිවරණයේ නිල ඡන්ද දැන්වීම් පත්රිකා තැපෑලට භාර දීම අද (02) සිදු කිරීමට නියමිතයි.
ඒ අනුව, හෙට සිට නිල ඡන්ද දැන්වීම් පත්රිකා නිවෙස් වෙත බෙදාහැරීම සිදු කෙරෙනවා.
ලබන 14 වනදා දක්වා නිල ඡන්ද දැන්වීම් පත්රිකා බෙදාහැරීම සිදු කෙරෙන බවයි තැපැල් දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
එමෙන්ම ලබන 08 වන ඉරිදා විශේෂ බෙදාහැරීමේ දිනයක් ලෙස ක්රියාත්මකයි.
මේ අතර, පෞද්ගලික උපකාරක පංතියක පැවැත්වූ ආදර්ශ ඡන්ද විමසීමක් පිළිබඳව මැතිවරණ නිරීක්ෂකයින්ගේ සහ මැතිවරණ කොමිෂන් සභාවේ අවධානය යොමුව තිබෙනවා.
එක් අපේක්ෂකයෙකු ප්රවර්ධනය වන ආකාරයෙන් මෙම ආදර්ශ ඡන්ද විමසීම පැවැත්වීම හරහා මැතිවරණ නීතිය දැඩිව උල්ලංඝනය වී ඇති බවයි මැතිවරණ නිරීක්ෂකයින් ප්රකාශ කළේ.