
අතුරුගිරිය ප්රදේශයේ ටැටූ ව්යාපාරික ආයතනය තුළදී සුරේන්ද්ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්ත යන අය සහ තත් අයෙකු වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් අද (02) අධිකරණයට ඉදිරිපත් කෙරුණා.
ඒ කඩුවෙල මහේස්ත්රාත් අධිකරණය හමුවේ වන අතර, එහිදී නියෝග කෙරුණේ සැකකරුවන් සැප්තැම්බර් 13 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමටයි.



