World

අසල්වැසි ඉන්දියාවෙන් එම්පොක්ස් ආසාදිතයකු සොයා ගැනේ

අසල්වැසි ඉන්දියාවෙන් එම්පොක්ස් ආසාදිතයකු සොයා ගැනේ

‘එම්පොක්ස්’ ආසාදිතයකු යැයි සැක කෙරෙන රෝගියකු ඉන්දියාවෙන් හමුවී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

ඒ අනුව, එම රෝගියා නිරෝධායනය කර අවශ්‍ය ප්‍රතිකාර ලබා දෙන බවයි සඳහන් වන්නේ.

මෙම රෝගියා තරුණයකු බවත්, ඔහු විදේශ රටක සිට ඉන්දියාවට පැමිණි අයෙකු බවත් අනාවරණය වී තිබෙනවා.

රෝගියා සමඟ සබඳතා පැවැත්වූවන් හඳුනා ගනිමින් ඔවුන්ට අවශ්‍ය සෞඛ්‍ය පිළිවෙත් ක්‍රියාත්මක කරන බව ද ඉන්දීය සෞඛ්‍ය බලධාරීහු වැඩිදුරටත් ප්‍රකාශ කරනවා.

Related Articles

Back to top button